Popular Posts

නවතම විමර්ශණ

පුසා සහ මීයාගේ ගැටුමේ යථාර්තය.


පුසාන් සහ මියන් අතර ගැටුම ලොව දරුණුතම ගැටුම් වලින් එකක් විය හැකිය.
ළමා කතාවලට, උපමාවලට, කවි සහ ගීත වලට පමණක් නොව මේ ගැටුම ඉතා ජනප්‍රිය කාටූන් චිත්‍රපටවලටත් පාදක වූවක්.
වසර සිය දහස් ගණනක් ඇතට දිව යන මේ කතන්දරයේදී බළලුන් මියන්ට විරුද්දව රසායනික අවි පවා යොදා ගන්න බවට දැන් එලි වී තිබෙනවා.
එය පුසන්ගේ මුත්‍රා වල ඇති රසායනිකයක් බවයි හදුනාගෙන තිබෙන්නේ.

ගබ්සා වීම

බළලුන්ගේ මුත්‍රාවල අඩංගු මේ රසායනය ළදරු මීයන් ස්පර්ශ කළ හොත්, පසු කලෙක ඔවුන්ට බළලුන් ගේ සුවඳ දැනීමේ හැකියාව අඩු වන බව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.
චෙක් ජනරජයේ ප්‍රාග් අගනුවර පැවති, Society for Experimental Biology සංවිධානයේ වාර්ෂික සමුළුවේදීයි, මේ සොයා ගැනීම ප්‍රකාශයට පත් කෙරුණේ.
null
ෆෙලිනින් නම් මෙම රසායනය ගැබිණි මීයන් ගේ දරු ගැබ ගබ්සා කිරීමට හේතු වන බව එම ආයතනයේ පර්යේෂකයෝ මීට පෙර අනාවරණය කළහ
මෙය රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි පරිණාමය සහ පරිසර විද්‍යාව පිළිබඳ ඒ එන් සෙවෙර්තොෆ් ආයතනයේ පර්යේෂකයන්ගේ නව සොයා ගැනීමක්.
ෆෙලිනින් නම් මෙම රසායනය ගැබිණි මීයන් ගේ දරු ගැබ ගබ්සා කිරීමට හේතු වන බව එම ආයතනයේ පර්යේෂකයන් මීට පෙර සොයා ගෙන තිබුණා.
මීයන්ගේ මොලයේ තිබෙන රසායන දැනීමේ නියුරෝනවලට මේ රසායනය දැනුන වහාම ආතතිය සම්බන්ධ හෝමෝන ඉහළයාම ඇතුළු ප්‍රතිචාරයක් මීයන්ගෙන් පළ වන බවයි, ආචාර්ය වේරා වොස්නෙසෙන්ස්කයා පවසන්නේ.
"මේක අවුරුදු දාස් ගානක් තිස්සේ බළලුන්ගේ සහ මීයන්ගේ පවතින දෙයක්," ඇය පවසනවා.
එම රසායනය ස්පර්ශ කිරීමත් සමඟම මීයන්ගෙන් ඉහල ප්‍රතිචාරයක් පළ වන බව පවසන විද්‍යාඥවරිය, කෙසේ නමුත් ඔවුන්ගේ හැසිරීමේ වැඩි වෙනසක් නොවන බැවින් බළලුන්ට ඔවුන් පහසුවෙන් දඩයම් කිරීමේ අවස්ථාව හිමි වන බවත් පවසනවා.
මාසයක් වයසැති මීයන් පිරිසක් තෝරා ගත් පර්යේෂණ කණ්ඩායම සති දෙකක කාලයක් මුළුල්ලේ ඔවුන්ට එම රසායනය ආඝ්‍රාණය කිරීමට සැලැස්වුවා.
කලෙකට පසුව එම රසායනයට ඔවුන්ගේ ප්‍රතිචාරය විමසන විට මීයන් එයින් පලා යාමට එතරම් උනන්දුවක් නොදැක්වූ බවයි පර්යේෂණ කණ්ඩායමට දැකගන්නට ලැබුණේ.
bbc ලෝක සේවය ඇසුරෙන්.

0 comments:

Post a Comment