Popular Posts

නවතම විමර්ශණ

ෆේස්බුක් වීඩියෝ වලට මුදල් ගෙවීමට සැරසෙයි.

ෆේස්බුක් වීඩියෝ පට ඔබත් නරබා ඇති.ඇතැම් විට ඔබත් එවැනි වීඩියෝ පට නිර්මාණය කර තිබෙන්නටද පුළුවන.කෙසේ වෙතත් දැන් ෆේස්බුක් වෙත වීඩියෝ පට නිර්මාණය කර එක කරන නිර්මාණ කරුවන්ට මුදල් ගෙවීමට ෆේස්බුක් සමාගම සැරසෙයි.
මෙහි මුලික අරමුණ වීඩියෝ පට හරහා වෙළද දැන්වීම් ප්‍රචාරය කිරීමයි.
මෙහිදී දීර්ඝ කාලයක් පුරාවට ප්‍රචාරය වන වීඩියෝ පට තුලට වෙළද දැන්වීම් ඇතුලත් කර ෆේස්බුක් වෙත විශාල අදායමක් ලබා ගත හැකි වන අතර ඉන් සියයට 55ක් වීඩියෝ පට නිර්මාණය කරන පුද්ගලයින්ට ලැබේ.
තම සමාජ මාධ්‍ය තුළ වීඩියෝ දර්ශන නැරඹුම් සංඛ්‍යාව දිනකට බිලියන හතරක් වන බවයි ෆේස්බුක් ආයතනය පවසන්නේ.
ෆේස්බුක් හි මෙම ජනප්‍රියත්වය නිසා යුටියුබ් ආයතනයට දැඩි තර්ජනයක් එල්ල විය හැකිය.
'ෆේස්බුක්, අන්තර්ජාල වීඩියෝ ක්ෂේත්‍රය දෙසට ආක්‍රමණකාරී ලෙස ඇතුල්වෙමින් සිටින' බව අයිඑච්එස් උපදේශන සමාගමේ දැන්වීම් කලාව පිළිබඳ විශ්ලේෂිකාවක වන එලනි මරෝලි මහත්මිය පෙන්වා දී ඇත.
null
දෙදහස් දාහතර වසරේ දෙසැම්බර් මාසයේදී යු ටියුබ් නැරඹුම් සංඛ්‍යාව පසු කිරීමට ෆේස්බුක් සමාජ ජාලයට ප්‍රථම වරට හැකි විය.
තම වැඩසටහන් ෆේස්බුක් අඩවිය තුළ පළ කිරීමට හැකියාවක් ඇතැයි එක්සත් ජනපද විකාශන ආයතනයක් වන එච්බීඕ ආයතනය ජුනි මාසයේදී නිවේදනය කළේය.
ගෙවීමක් සිදු කරන හෙයින් සමාජ ජාලය තුළ වඩ වඩාත් වීඩියෝ පළ කිරීමට වීඩියෝ පළ කරන්නන් උනන්දු වනු ඇත.
යු ටියුබ් මත වීඩියෝවක් වාදනය වීමට පෙර පළ කෙරෙන වෙළඳ දැන්වීමකින් ලැබෙන ආදායමෙන්, 55% එහි නිර්මාණකරුවන්ට හිමි වේ.
ෆේස්බුක් ආයතනය විසින් ලබා දෙනු ලබන 55% කොටස නිර්මාණකරුවන් අතර බෙදී යනු ඇත.
දෙදහස් පහළොව වසරේ පළමු කාර්තුවේදී ෆේස්බුක් ආයතනය දැන්වීම් පළ කිරීම හරහා උපයා ගත් අදායම ඇමරිකානු ඩොලර් බිලියන තුනයි දශම තුනක්.
එම ආදායමෙන් 73% උපයා ගෙන ඇත්තේ ජංගම දුරකථන ඔස්සේ පළ කෙරුණු දැන්වීම් හරහායි.
'ෆේස්බුක් භාවිතයට පහසුවෙන් හුරු විය හැකියි' යනුවෙන් පවසන විශ්ලේෂිකා එලනි මරෝලි 'දෙදහස් දොළහ වසරේදී ජංගම දුරකථන මත පළ වන දැන්වීම් හරහා ඔවුන්ට ලැබුණු අදායම ශුන්‍යයයි. වසර දෙකක් තුළ එම ආදායම දැන්වීම් හරහා ලැබෙන මුළු ආදායමෙන් සියයට හැටක් දක්වා ඔවුන් වර්ධනය කර ගෙන තිබෙනවා' කියා සිටියාය.
'අපේ පූර්ව ගණනය කිරීම් වලට අනුව, දෙදහස් දහඅට වන විට යුරෝපය තුළ පළ වන අන්තර්ජාල වීඩියෝ දැන්වීම් හරහා ලැබෙන ආදායමෙන් 25% ෆේස්බුක් ආයතනයට හිමි වනවා. එක්සත් ජනපදය තුළ ඊට වඩා වැඩි අගයක් ගන්නවා' ඇය සඳහන් කළාය.
ෆේස්බුක් තුළ ඉහළ ප්‍රතිචාර ලැබෙන්නේ කුමන ආකාරයේ වීඩියෝ පටවලටද යන්න බීබීසීයේ වීඩියෝ සංස්කාරවරයකු වන ඇන්දෘ වෙබ් පැහැදිලි කරන්නේ මෙසේයි.
'ඔබ සකසන වීඩියෝ තුළ හඬ රහිත යැයි උපකල්පනය කරන්න. ඇතැම් විට එම වීඩියෝ හඬ රහිතව ස්වයංක්‍රිය ලෙස වාදනය වේ. තිරය මත සිරැසි යොදා ඒ මගින් නරඹන්නන් දකින දේ විස්තර කරන්න.වීඩියෝවේ හඬ කොටසක් ඇත්නම් එම වචනම භාවිතා කොට එය සාරාංශයක් වශයෙන් දැක්විය යුතුයි. වැඩිපුර විස්තර යොදා නොගන්න. බීබීසිය සාමාන්‍යයෙන් තත්පර 12 ක් තුළ කිය විය හැකි සේ පේලි තුනක වාක්‍ය තුනක් යොදා ගැනේ.වීඩියෝවට සංගීතය මුසු කළ හැකියි. නමුත් ඔබට එසේ කිරීමට අවසර ඇත්දැයි විමසන්න.'
ඇමරිකාවේ අයි ෆෝන් පාවිච්චි කරන්නන් සඳහා යෝජිත වීඩියෝ නැරඹීමට සැලැස්වීම අත්හදා බලමින් සිටින බවයි ෆේස්බුක් ආයතනය පවසන්නේ.
null
එහෙත් ආදායම් බෙදා ගැනීමේ සැලසුම් ඉක්මනින් ආරම්භ නොවේ.
යු ටියුබ් භාවිතා කරන්නන්ට තම වීඩියෝ වලින් මුදල් ඉපයීමට අවස්ථාව ලබා දෙන නමුත් ෆේස්බුක් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය සමාගම් සහ තෝරා ගත් පුද්ගලයන් සමඟ ක්‍රියා මාර්ග ගනිමින් සිටියි.
වීඩියෝ නිර්මාණය කරන අයට මුහුණ දිය හැකි ගැටලුවක් විය හැක්කේ යු ටියුබ් මෙන් නොව ෆේස්බුක් හි වීඩියෝ සොයා ගැනීමට ඇති අපහසු කමයි.
නමුත් මෙරෝලි විශ්ලේශිකාව පවසන්නේ මුදල් තවදුරටත් ප්‍රශ්නයක් විය හැකි බවයි.

0 comments:

Post a Comment