Popular Posts

නවතම විමර්ශණ

ඔබ හොල්මන් විශ්වාස කරනවද?


මම ඔබෙන් ඍජුවම ප්‍රශ්නයක් ලෙස ඔබ හොල්මන් විශ්වාස කරනවාදැයි ඇසුවහොත් ඇතැම් විට ඔබ නැත පිළිතුර දෙන්නට පුළුවන්.තවත් විටක ඔව් කියලත් කියන්න පුළුවන්...

සැබවින්ම හොල්මන් ඇත්තක්ද?..ඒ පිලිබදව විමර්ශනයයි මේ.....

හොල්මන...නැතිනම් බොහෝ අය කියන විදියට මළ ගිය ආත්මයක් නම් අවස්ථාවක් මෙලොව පවතිනවද යන ගැටලුවට පිළිතුරක් ලබා දීම බොහෝ අපහසුය...

නමුත් පළමුව කිව යුතු කරුණ වන්නේ හොලමන යන වචනය ඇතැම් අවස්ථා වලදී විද්‍යාත්මක ලෙස අවකාශයේ ඉඩක් නොගන්නා එහෙත් රූපයකින් යුතු ශබ්ද ඇති කරන්නා වූ යමක් ලෙස පහදා දී තිබේ.(මෙය ප්‍රකාශ කල පුද්ගලයෙකු පිලිබදව නිවැරදි වාර්තා නොමැත)..

නමුත් විද්‍යාත්මකව මනෝ කාය පිලිබදව ගැබුරින් අද්‍යනය කර තිබේ.මනෝ කය යනු අපගේ පෙනුමට සමාන ඇතැම් අවස්ථා වලදී අපගේ ශරීරයෙන් ඉවතට යන්න වූ ශරීරයකි.මෙය බොහෝ විට සිදු වන්නේ කොමා නම් රෝග අවස්ථා වලදීය..

එනම් මිය යාමට ඉතා අසන්න එහෙත් මිය නොගිය අවස්ථාවයි..මෙම අවස්ථාවේදී ජීවිතය බේරීමේ හැකියාව ඉතමත් අඩුය..

මෙම මනෝ කාය පිලිබදව විද්‍යාත්මක ලෙස මෙලෙස විස්තර කරයි.

මනෝ කාය ඉහත කි අවස්ථා වලදී අපගේ ශරීරයෙන් ඉවතට යන අදෘශ්‍යමාන යමක් වන අතර මෙයට ඕනෑම ඝන ද්‍රව්‍යකින් විනිවිද යා හැකි අතර වේගය කිව නොහැකි තරම්ය.ඇතැම් විට මෙම මනෝ කායට ලෝකය වටේ එක වටයක් යාමට ගත වන්නේ තත්පර කිහිපයක් විය හැකිය.

තවද මෙම මනෝ කාය  අපගේ ශරීරයෙන් ඉවත්ව ගියද අපගේ ශරීරය හා මෙම මනෝ කය අතර සිහින් නුලක් වැනි යමක් පවතින බවත් එය කැඩී යාම මිය යාම ලෙස හදුන්වන බවත් ඇතැම් විද්වතුන් හෙළි කරගෙන තිබේ.

කෙසේ වෙතත් මිය ගිය පසුව මෙම මනෝ කායේ හැසිරීම කෙසේද යන්න තවමත් හෙළි වී නොමැත.එම නිසා සැබවින්ම හොල්මන්  පවතිනවද යන්න තවමත් ගැටළුවක් වී පවතී.කෙසේ වෙතත් එය මිත්‍යා මතයක් ලෙස අපට බැහැර කල නොහැකිය.ඒ මනෝ කාය අද ලෝකය පිලි ගෙන තිබෙන නිසාය...

මේ සබැ හොල්මන් ලෙස හදුන්වන රුප රාමු  සටහන් වී ඇති වීඩියෝ පට කිහිපයකි..
සංවේදී ඔබ  නරබිමෙන් වලකින්න...




0 comments:

Post a Comment